Tuesday, November 29, 2011

INTERVIEW

උපන් දා සිට ලැබුණු  සහතික ගොන්න කරපින්නගෙන
අතේ තිබුණු අන්තිම සොචිචම් මුදලට ගත්ත
අලුත්ම ඇදුම උජාරුවට  ඇදගෙන
හිතේ ගින්දරින් රත්කරපු
අම්මගෙ  කහට උගුර තොලගාගෙන
දකුණු කකුල  පෙරමං කරලා 
පිට වෙන්න හැදුව විතරයි
කොහේදෝ හිටපු මරුමුස් හූනෙක්
චික්  චික්  චික් ගෑවා
මම  කල්පනා කරා 
ගොඩක් කල්පනා කරා
මූ කොහොම  දැනගත්තද
මම ලග කළු සල්ලිවත්,මට පන්දමක්වත් 
නැති විත්තිය...........................................

No comments:

Post a Comment